රොච්ඩේල් අපරාධකරු නැවත භාරගැනීම සඳහා පාකිස්ථානයෙන් කොන්දේසි රැසක්

බ්‍රිතාන්‍යයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් “රොච්ඩේල් ළමා ලිංගික අපරාධ කල්ලියේ” මහමොළකරු වන ෂබීර් අහමඩ් බන්ධනාගාරයෙන් නිදහස් කිරීමෙන් පසු, ඔහුව නැවත පාකිස්ථානයට පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය රජය දරන උත්සාහයට පාකිස්ථාන රජය දැඩි කොන්දේසි මාලාවක් ඉදිරිපත් කර ඇති බව ‘ද ඩේලි ටෙලිග්‍රාෆ්’ පුවත්පත වාර්තා කරනවා.

73 හැවිරිදි ෂබීර් අහමඩ්, 2012 වසරේදී බාලවයස්කාර දැරියන් රැසක් දරුණු ලෙස දූෂණය කිරීම සහ ලිංගික අපරාධවලට ලක්කිරීම සම්බන්ධයෙන් වසර 19ක සිරදඬුවමකට ලක්වූවෙක්.

ද්විත්ව පුරවැසිභාවය හිමිව තිබූ ඔහුගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය වරදකරු වීමෙන් පසු අවලංගු කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීන් කටයුතු කළේය. 2026 ජූලි මස මුලදී ඔහු බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට නියමිතව තිබූ අතර, බ්‍රිතාන්‍ය දේශපාලනඥයන් සහ මහජනතාව ඔහුව වහාම රටින් පිටුවහල් කරන ලෙස රජයට දැඩි බලපෑම් එල්ල කළා.

කෙසේ වෙතත්, පාකිස්ථාන රජය ඔහුව නැවත භාරගැනීම ප්‍රතික්ෂේප කරමින් කොන්දේසි පනවා තිබෙනවා.

ඉස්ලාමාබාද් පාලනය පෙන්වා දෙන්නේ ෂබීර් අහමඩ් 1973 වසරට පෙර (කුඩා දරුවෙකුව සිටියදී) බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූවෙකු බැවින් සහ ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් බ්‍රිතාන්‍යය තුළ ගතකර ඇති බැවින්, ඔහුව සෘජුවම පාකිස්ථාන වැසියෙකු ලෙස සැලකිය නොහැකි බවයි. මීට අමතරව බ්‍රිතාන්‍යයේ පවතින 1971 ආගමන විගමන පනතේ ඇතැම් ප්‍රතිපාදන හේතුවෙන් ද ඔහුව නීතිමය වශයෙන් පිටුවහල් කිරීම සංකීර්ණ වී තිබෙනව.

පාකිස්ථානය ප්‍රකාශ කර ඇත්තේ ඔහුව භාරගැනීමට නම් ඔහුගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය, බ්‍රිතාන්‍යය තුළ ඔහු සතු දේපළ සහ නීතිමය ලේඛන පිළිබඳව දීර්ඝ වශයෙන් සමාලෝචනය කළ යුතු බවයි.

මෙම තත්ත්වය හමුවේ රොච්ඩේල් ප්‍රදේශයේ මන්ත්‍රී පෝල් වෝ ඇතුළු දේශපාලනඥයන් බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට බලකර සිටින්නේ, අවශ්‍ය නම් නීති සංශෝධනය කර හෝ මෙම අපරාධකරු වහාම රටින් පිටුවහල් කිරීමට පියවර ගන්නා ලෙසයි.

මේ වන විට ඔහු නිදහස් කර දැඩි කොන්දේසි සහ විද්‍යුත් ටැග් (Electronic tag) නිරීක්ෂණ යටතේ බ්‍රිතාන්‍යය තුළම රඳවා තැබීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩ ග#න ඩෝබිලා එකෙක්වත් මට දානේ වේලක්වත් දීලා නෑ - අපිලාගේ සාදුට යකා නගියි
01:50
Video thumbnail
ගැ#ටුමෙන් මි#ගිය නිලධාරීන් වෙනුවෙන් ගාල්ල බන්ධනාගාරයේ සුදු කොඩි දමා ඇති අයුරු
00:54
Video thumbnail
බොල හර්ෂණයෝ බඩේ මහත කාලා කාලා - කට්ටිය බඳාගෙන හොඳටම රඟපාලා පෙන්නුවා
10:04
Video thumbnail
අපිත් JVP වසන්තලාගේ ගො# ටෝක්වලට අපි කැමති නෑ - ඔයිට වැඩිය ලොක්කෙක්නේ ගෝඨා..
03:03
Video thumbnail
"අනේ මගේ පුතේ.." බන්ධනාගාර නිලධාරියෙකුගේ නිසල සිරුර සෝසුසුම් මැද නිවසට ගෙනෙයි
03:49
Video thumbnail
අනේ මගේ මල්ලි - නැගිටපන් යකෝ
00:32
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
00:44
Video thumbnail
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප
00:25
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට" ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශගේ දේහය මල්ශාලාවක තැන්පත් කරයි
03:18
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.08
08:07:06