එළඹෙන මාසවල බස් ගාස්තු අඩු කරනවා – ප්‍රවාහන ඇමති බිමල්

එළඹෙන මාසවල ඉන්ධන ගාස්තු අඩුවීමත් සමඟ බස් ගාස්තු අඩු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරනවා.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

ඒ, අනුව ඉන්ධන මිල ගණන් අඩුවීමත් සමඟ ඉදිරියේ දී ක්‍රමානුකූලව බස් ගාස්තු අඩු කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

එමෙන්ම දුම්රිය ගාස්තුවල වැඩිවීමක් සිදුනොවන බවයි පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ.

වාර්ෂිකව සිදුකරන බස් ගාස්තු සංශෝධනයට අනුව පසුගිය 06 වනදා සිට බස් ගාස්තු ඉහළ දැමුණා.

ඒ, අනුව සියයට 12 සිට සියයට 20 දක්වා ප්‍රතිශතාත්මකව බස් ගාස්තු ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවි අහිමිවූ බන්ධනාගාර නිලධාරින්ගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යන අයුරු
03:51
Video thumbnail
මම පිස්සෝ අවුස්සන්නේ නෑ - මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න
07:16
Video thumbnail
හර්ෂණගේ කතාවට මරික්කාර් රිදෙන්නම දෙයි
10:51
Video thumbnail
සුගීශ්වර කොටුව උසාවියට - වැඩේ නියමෙට යනවා දැන්
01:31
Video thumbnail
සජිත් ඇතුළු විපක්ෂයේ සෙට් කළු එක පටි පැළඳ විරෝධයක
00:36
Video thumbnail
අරූ ජාතික වීරයෙක් සර් - ඌ නිසා තමයි සර් මිනිස්සු බේරුනේ
03:58
Video thumbnail
අපේ කොල්ලන්ට සාධාරණයක් කරන්න සර් - ඔළුවටම ග#ලා ම## තියෙන්නේ සර්
01:42
Video thumbnail
දිවි පිදූ නිලධාරීන්ට අවසන් ගෞරව දක්වන්න ආ අධිකරණ ඇමති කඳුළු සලයි
01:44
Video thumbnail
මි#ගිය මිතුරන් වෙනුවෙන් බන්ධනාගාර නිලධාරීන් හඬා වැටෙයි
03:19
Video thumbnail
මීගමුවේ රැඳවියන් 60 දෙනෙක් මඩකලපුවට මාරු කරලා යවයි
01:23