ගැටලු 6ක් ගැන ජනපතිගේ අවධානය යොමු වියයුතුයි

ජනාධිපතිවරයා ජාතිය අමතා අද (25) සිදුකරන ප්‍රකාශයේදී ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු මෙරට ජනතාව මුහුණ පා සිටින ගැටලු 06කට විසඳුම් ලබාදීම පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (25) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

එහිදී, “අපි බලාපොරොත්තුවෙනවා ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් තෙල් මිල නැවතත් තිබුණු මිලටම එයි කියලා. ඒ වගේම ජනතාවට නොමිලේ පොහොර ලබා දෙන්නට එතුමා අද දවසේ ප්‍රතිඥාවක් දෙයි කියලා අපි බලාපොරොත්තුවෙනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරෙන් පීඩාවට පත් ධීවර ජනතාවට ස්ථීර සහනාධාර වැඩසටහනක්, විනාශ වුණු පරිසර පද්ධතිය නැවත සංරක්ෂණය කරන්න තිරසර වැඩසටහනක්, මාර්ගගත අධ්‍යාපන ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබාදෙයි කියල අපි බලාපොරොත්තුවෙනවා. කොරෝනා නිසා කඩාවැටුණු ජීවිත ගොඩනගන්නට ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළින් ජනතාවට සහනයක් වන මූල්‍ය ශක්තියක් ලබාදෙන්නට කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා.” යනුවෙන් ද සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10