spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගැටලු 6ක් ගැන ජනපතිගේ අවධානය යොමු වියයුතුයි

ජනාධිපතිවරයා ජාතිය අමතා අද (25) සිදුකරන ප්‍රකාශයේදී ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු මෙරට ජනතාව මුහුණ පා සිටින ගැටලු 06කට විසඳුම් ලබාදීම පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (25) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

එහිදී, “අපි බලාපොරොත්තුවෙනවා ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් තෙල් මිල නැවතත් තිබුණු මිලටම එයි කියලා. ඒ වගේම ජනතාවට නොමිලේ පොහොර ලබා දෙන්නට එතුමා අද දවසේ ප්‍රතිඥාවක් දෙයි කියලා අපි බලාපොරොත්තුවෙනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරෙන් පීඩාවට පත් ධීවර ජනතාවට ස්ථීර සහනාධාර වැඩසටහනක්, විනාශ වුණු පරිසර පද්ධතිය නැවත සංරක්ෂණය කරන්න තිරසර වැඩසටහනක්, මාර්ගගත අධ්‍යාපන ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබාදෙයි කියල අපි බලාපොරොත්තුවෙනවා. කොරෝනා නිසා කඩාවැටුණු ජීවිත ගොඩනගන්නට ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළින් ජනතාවට සහනයක් වන මූල්‍ය ශක්තියක් ලබාදෙන්නට කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා.” යනුවෙන් ද සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?