මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම් හේතුවෙන් බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ රැඳවියා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මිය ගොස් ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පැවසුවේ.
මේ අතර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ගැටුම ඇතිවූ මීගමුව බන්ධනාගාරයේ තවත් රැඳවියන් 700ක් පමණ රඳවා තබා ඇති බවත් අනෙකුත් රැඳවියන් සියලුම දෙනා දිවයිනේ විනත් ප්‍රදේශවල ඇති බන්ධනාගාර වෙත මාරුකර යැවූ බවයි.
පෙරේදා දිනයේ එම බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමෙන් අනතුරුව එහි රඳවා සිටි රැඳවියන් බන්ධනාගාර බස් රථ යොදාගෙන දැරි ආරක්ෂාවක් මැද පෙරේදා (06) දිනයේ සහ ඊයේ (07) දිනයේ දී වෙනත් බන්ධාගාර වෙත මාරුකර යැවුනා.













