ඉරානය විසින් පැය 24ක් තුළ හෝමූස් සමුද්‍ර සන්ධියේ දී වෙළෙඳ නෞකා තුනකට පහරදීමට ප්‍රතිචාර වශයෙන්, ඉරානයේ නගර කිහිපයක් ඉලක්ක කොට ප්‍රහාර දියත් කළ බව ඇමරිකානු මධ්‍යම විධානය නිවේදනය කරනවා.
ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ ප්‍රහාර කෂ්ම් දූපතට, බන්ඩාර් අබ්බාස් සහ සිරික් වෙත එල්ල වී ඇති බවයි.
එහිදී සිවිල් පුද්ගලයින් තුවාල ලබා ඇති බවයි ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ.
මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසන්නේ එක්සත් ජනපද හමුදා මෙහෙයුම් අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බවයි.
එක්සත් ජනපද රජයේ “නරක විශ්වාසය, නොගැලපීම” මෙම ප්‍රහාර මඟින් ඔප්පු කරන බවයි ඔහු පවසන්නේ.
මේ අතර එක්සත් ජනපදයේ ප්‍රහාරවලින් පසු ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඉරාකයේ නජාෆ් නගරයෙන් පිටත්ව ගොස් ටෙහෙරානයට ආපසු ගොස් ඇති බව වාර්තා වනවා.
අඟහරුවාදා රාත්‍රියේ ඉරාකයේ නජාෆ් වෙත පැමිණි කමේනිගේ දේහයේ අවමංගල්‍ය චාරිත්‍රවලට සහභාගී වීම සඳහා පෙසෙෂ්කියන් ජනධිපතිවරයා ඉරාකයට පැමිණ සිටි බවයි වාර්තා වුණේ.













