කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ළඟා වෙමින් තිබූ දුම්රියක්, අද (07) පස්වරු 4.50ට පමණ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
පස්වරු 4.45ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රඹුක්කන බලා ධාවනය වීමට නියමිතව තිබූ මෙම දුම්රිය, දුම්රිය ස්ථානයේ වේදිකාව වෙත ළඟා වන අවස්ථාවේ දී මෙම පීලි පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් ආරම්භ වන දුම්රිය ගමන්වාර රැසක ප්‍රමාදයන් ඇතිවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.













