ආණ්ඩුව මේ වන විට කිසිදු පිළිගත හැකි සාධාරණ හේතුවකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරිමට උත්සහ දරණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
මෙම ක්‍රියාව නීතියේ ආධිපත්‍යයට දැඩි බලපෑමක් ඇති කල හැකි තත්වයක් වන අතරම එමඟින් අප මව්ව්බිමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ල කිරීමට උත්සහ දරණ බව පෙනී යන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
ඒ, අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වශයෙන් සියලු ප්‍රජාතන්ත්‍ර වාදය අගයන පක්ෂ මෙම පත්ව ඇති බැරෑරුම් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කැදවීමක් කරන ලෙස මන්ත්‍රීවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටිනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත විශේෂ ලිපියක් යොමුකරමින් මන්ත්‍රීවරයා මේ බව දන්වා තිබෙනවා.














