ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එච්.ඩී. රෝහිත ඇන්සලම් මහතා කොවිඩ් -වෛරසය ආසාදනයවීමෙන් ඊයේ (24) මියගොස් තිබෙනවා.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි ධීවර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරෙන් පීඩාවට පත්වූ ධීවරයින්ට වන්දි ලබාදීම සඳහා කැපවීමෙන් කටයුතු කළ ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ එම රාජකාරී කටයුතුවල නිරතවෙමින් සිටි අවස්ථාවේදී බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




