මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් බලන්න අධිකරණ ඇමති රෝහලට

මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීමට
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ගොස් තිබෙනවා.

ඊයේ (06) පස්වරුවේ මීගමුව දිස්ත්‍රික් රෝහලට ගිය අමාත්‍යවරයා මෙලෙස එම නිලධාරීන්ගේ සුවදුක් විමසා ඇති බවයි වාර්තා වුණේ.

රෝහලට පැමිණි අමාත්‍යවරයා තුවාල ලබා සිටින නිලධාරීන්ට සිදුකරන ප්‍රතිකාර සහ අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඇති බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted