පාකිස්ථාන ආරක්ෂක ලේකම් සහ නියෝජ්‍ය ඇමති අරුණ අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ආරක්‍ෂක ලේකම් ලුතිනන් ජෙනරල් Muhammad Ali (විශ්‍රාමික) ජූලි 03 කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවී සුහද සාකච්ඡාවක නිරත වුණා.

6 වන පාකිස්ථාන – ශ්‍රී ලංකා ආරක්‍ෂක සංවාදය’ (6th Pakistan – Sri Lanka Armed Forces Defence Dialogue) සහභාගී වීම සඳහා ලුතිනන් ජෙනරාල් Muhammad Ali (විශ්‍රාමික) පසුගිය 01 වැනිදා දිවයිනට පැමිණියා.

දිවයිනට පැමිණි පාකිස්ථාන ආරක්‍ෂක ලේකම්වරයා, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව දෙරටටම වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳව සුහද අදහස් හුවමාරුවක් පැවැත්වුණා.

මෙහිදී දෙරටේ ආරක්‍ෂක සංවාදයේ ප්‍රගතිය, ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, හමුදාමය සබඳතා පුළුල් කිරීම සහ පොදු උපායමාර්ගික වැදගත්කමකින් යුත් ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණා.

මීට අමතරව, සමුද්‍රීය කලාපීය දැනුවත්භාවය සහ ආපදා කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි පවතින විබව සහයෝගීතාවන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා.

විශේෂයෙන්ම, ආපදා වැළැක්වීම, සූදානම සහ ප්‍රතිචාර දැක්වීම ඇතුළත් පුළුල් ප්‍රවේශයක් අනුගමනය කරමින් ආපදා අවදානම් අවම කිරීමේ වැදගත්කම ඔවුන් අවධාරණය කළා.

ඒ අනුව, සම්බන්ධීකරණ රැස්වීම්, කාලගුණ අනාවැකි හුවමාරු කර ගැනීම සහ කලාපීය ආපදා කළමනාකරණ අභ්‍යාස සඳහා ක්‍රියාකාරීව දායක වීම වැනි සහයෝගීතා යාන්ත්‍රණයන් තවදුරටත් ශක්තිමත් කරමින්, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන හොඳම භාවිතයන් සහ ප්‍රවීණත්වය හුවමාරු කර ගැනීමට දෙපාර්ශවයම එකඟතාවකට පැමිණියා.

ශ්‍රී ලංකා රජය විසින් තමන් වෙත දක්වන ලද උණුසුම් ආගන්තුක සත්කාරය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ ලුතිනන් ජෙනරල් Muhammad Ali අන්‍යෝන්‍ය අවබෝධය, සමානාත්මතාවය, විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ දෙරට අතර පවතින දිගුකාලීන ආරක්‍ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා පාකිස්තානයේ නොසැලෙන කැපවීම යළිදු අවධාරණය කළා.

මෙම නිල හමුව සඳහා පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් Muhammad Farooq ද සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted