ඩෙංගු මරණ සංඛ්‍යාව 39ක් දක්වා ඉහළ යයි – මියගිය අයගෙන් 29ක් කාන්තාවන්

මෙරටින් මේ වනවිට වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 39ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පවසනවා.

වැඩ බලන අධ්‍යක්ෂවරයා පසන්නේ, මෙම වසරේ මේ වනවිට ඩෙංගු රෝගීන් 58,810 දෙනෙක් වාර්තා වන බවයි.

මේ අතර ඊයේ (03) දිනයේ මෙරටින් ඩෙංගු රෝගීන් 1,140 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ජූලි මාසයේ මුල් දින තුනට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 3,422ක්.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පවසන්නේ මේ වනවිට වාර්තා වන ඩෙංගු මරණ අතුරින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ කාන්තාවන් බවයි.

මෙහිදී කාන්තා මරණ 29ක් වාර්තා වන අතර මියගිය අය අතර පිරිමින් පුද්ගන් සිටින්නේ 10 දෙනෙකු පමණක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20