ළහිරු උදාර සහ මෙන්ඩිස් ශ්‍රී ලංකා පළමු ඉනිම ගොඩදමයි – ළහිරු උදාරගෙන් සුපිරි ඉනිමක්

ළහිරු උදාර සහ කමිඳු මෙන්ඩිස් එක්ව තුන්වන කඩුල්ලට එක්කර සාර්ථක සබඳතාව හේතුවෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම
හොඳ මට්ටමකට ගෙන එන්නට කොදෙව්වන් සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වනවිට හැකියාව ලැබුණා.

ළහිරු උදාර සහ කමිඳු මෙන්ඩිස් එක්ව ශ්‍රී ලංකා පළමු ඉනිමේ තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 215ක අගනා සබඳතාවක් ගොඩනැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 02 ලකුණු 25ක් වැනි ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් තුළ දවා ගන්නට කොදෙව් පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත් පැතුම්ගේ ඉවත්වීමෙන් පසු කණ්ඩායමට කැඳවූ ළහිරු උදාර කලකට පසු ලැබුණු අවස්ථාවෙන් සාර්ථක ඵල නෙලාගනිමින් ලකුණු 188ක් රැස් කළා.

අනෙක් අන්තයේ සිට ඔහුට සහාය වූ කමිඳු මෙන්ඩිස්, කොදෙව් කඩුලු රකින ක්‍රීඩක ෂායි හෝප්ගේ විශිෂ්ඨ ස්ටම්ප් කිරීම හමුවේ දැවීයන විට රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 84ක්.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා ලකුණු 33ක් රැස්කළ අතර, තරගයේ පළමු දිනය අවසන්වන විට කුසල් මෙන්ඩිස් සහ සොනාල් දිනුෂ නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

ඇන්ටිගුවා හිදී පැවැත්වෙන් දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 05කට ලකුණු 338ක් ලෙස කියවී තිබුණා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02