මහනුවර මහ නගර සභාවේ ට්‍රැක්ටරයක් පෙරළී රියදුරු මරුට

මහනුවර මහ නගර සභාවට අයත් ට්‍රැක් රථයක් පැනෝරාමා සිටි ප්‍රදේශයේ දී පෙරලී ගොස් අද (03) සිදුවූ අනතුරකි එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් ට්‍රැක්ටර් රථයේ ගමන් කරමින් සිටි සහයකයින් දෙදෙනා තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම ට්‍රැක්ටර් රථය භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටිය දී මාර්ගයේ පල්ලම් සහිත ප්‍රදේශයේ දී රථයේ තිරිංග දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි දැනට සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක තලාතුඔය, මොරගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted