පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබද දැනුම්දීමක්

පාර්ලිමේන්තුව ජූලි 07 සිට 10 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පැවසුවාය.

එම පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගිය 25 සහ 26 දෙදින නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම්වලදී තීරණය වූ බව ද ඇය සඳහන් කළා.

අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති ජූලි 8 බදාදා හැර අන් සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

ජූලි 07 අගහරුවාදා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා (188 අධිකාරිය වූ) පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග සහ දූෂණ විරෝධි පනත යටතේ අංක 2482/03 සහ 2482/04 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියෝග විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව තිබෙනවා.

ජූලි 08 බදාදා පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 සිට පෙ.ව 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව 10.30 සිට පෙ.ව 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙනවා.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 3.30 දක්වා ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ අංක 2468/06 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග, (235 අධිකාරිය වූ) රේගු ආඥා පනත යටතේ අංක 2478/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති යෝජනා සම්මතය, (203 අධිකාරිය වූ ) මෝටර් වාහන පනත යටතේ අංක 2480/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2478/04 සහ 2479/38 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියමයන් විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ප.ව 3.30 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙන යෝජනාවට අනුව, විදේශ ශ්‍රමිකයන්ගේ ගැටලු පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා.

ජූලි 09 බ්‍රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ(සංශෝධන), මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති(සංශෝධන) යන පනත් කෙටුම්පත් ත්‍රිත්වයට අදාළ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙනවා.

ජූලි 10 සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය හරක්කටාගෙන් මුදල් ගත්තද ?මුජිබුර් සියල්ල හෙළිකරයි
03:15
Video thumbnail
ආණ්ඩුව ගොවියට තග දාන, තර්ජනය කරන ලෙවල් එකට ඇවිත් - ඡන්දය ආවම ආණ්ඩුව ගන්නවා අපි
05:03
Video thumbnail
චරිත් ගැන අහද්දි මරික්කාර්ට යකා නගියි ?හෝද හෝද මඩේ දාන්න ඕනි නෑනේ - ඇජෙන්ඩාවල ප්‍රශ්න අහන්න එපා
04:17
Video thumbnail
කලබලයෙන් අධිකරණයට ආ යෝෂිත - යෝෂිතගේ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අධිකරණයට රැගෙන යයි
02:08
Video thumbnail
කතක් පැදවූ රියක් ඇල්ල වැල්ලවායේදී ප්‍රපාතයකට පෙරලෙයි - දෙදෙනෙකු තුවාල ලබා රෝහලේ
01:04
Video thumbnail
මර්වින් සිල්වා දැන් ඉන්න හැටි කොහොමද? - "අවුරුදු 12කට කළින් කේස් එකකට ආවේ"මා පුතා කොහොමද ?"
01:33
Video thumbnail
"පිළියන්දල OICගේ මාමා මම..මම මොකටද පොලිසි යන්නේ"මිනිස්සු හ#පන්න ගිහින් තග දැම්ම අන්කල්
02:24
Video thumbnail
දෙයියන්ගේ හාල් කැවිලා මෙයාලට - කැමරාවක් දකිනකොට කට්ටියට මළ පනිනවා
04:03
Video thumbnail
වැඩ අරඹපු ගමන් නව අධ්‍යක්ෂ ජනරාල් කිව්ව සැර කතාව - "කල්ලිවලට බෙදුණු නිසා දැන් අපි පස්සට ගිහින්"
06:44