ඉසිත විජේසුන්දරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (03) මෙරට වේලාවෙන් රාත්‍රී 07.30ට ආරම්භ වීමට නියමිතයි.

තරගය අද ඇන්ටිගුහා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙනවා.

මේ අතර මෙරටින් බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා ගමන් ගත් ක්‍රීඩක සංචිතයෙන් ක්‍රීඩකයින් සිව්දෙනෙක් ආබාදයන්ට සහ සනීප තත්ත්වයන්ට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරගේ දකුණු කලවා මාංශ පේශියේ ආබාධයක් හටගෙන ඇති අතර වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු පුහුණු තරගයේදී පන්දු යවමින් සිටියදී ආබාධයට ලක්ව ඇති බාවයි ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබුණේ.

එමෙන්ම සංචාරය අතරතුර ඇති වූ බැක්ටීරියා ආසාදනයකින් රමේෂ් මෙන්ඩිස් සුවය ලබමින් සිතන බවත් පළමු ටෙස්ට් තරගයෙන් පසු ආබාධයකට ලක්ව සිටින ආරම්භ පිතිකරු පැතුම් නිස්සංකට මැණික් කටුවේ ආශ්‍රිත ප්‍රදේශයේ ශල්‍යකර්මයක් සිදු කිරීමට නිර්දේශ වී තිබෙනවා.

මේ අතර අද තරගය සඳහා ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින් 11 දෙනා මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති අතර, ඒ අනුව ඉසිත විජේසුන්දරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිව තිබෙනවා.

නිශාන් මධුෂංක, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, සොනාල් දිනුෂ, මිලාන් රත්නායක, ඉසිත විජේසුන්දර, ප්‍රභාත් ජයසූරිය සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් අද ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග බිමට පිවිසීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ උසාවියට රැගෙන යයි
02:08
Video thumbnail
කතක් පැදවූ රියක් ඇල්ල වැල්ලවායේදී ප්‍රපාතයකට පෙරලෙයි - දෙදෙනෙකු තුවාල ලබා රෝහලේ
01:04
Video thumbnail
මර්වින් සිල්වා දැන් ඉන්න හැටි කොහොමද? - "අවුරුදු 12කට කළින් කේස් එකකට ආවේ"මා පුතා කොහොමද ?"
01:33
Video thumbnail
"පිළියන්දල OICගේ මාමා මම..මම මොකටද පොලිසි යන්නේ"මිනිස්සු හ#පන්න ගිහින් තග දැම්ම අන්කල්
02:24
Video thumbnail
දෙයියන්ගේ හාල් කැවිලා මෙයාලට - කැමරාවක් දකිනකොට කට්ටියට මළ පනිනවා
04:03
Video thumbnail
වැඩ අරඹපු ගමන් නව අධ්‍යක්ෂ ජනරාල් කිව්ව සැර කතාව - "කල්ලිවලට බෙදුණු නිසා දැන් අපි පස්සට ගිහින්"
06:44
Video thumbnail
A/L සිසුන්ට සිදුකළ මාස තුනක කප්පාදුවට විරුද්ධව UN සංවිධානයට පැමිණිල්ලක් දෙයි
01:49
Video thumbnail
මැදිරිගිරියේ ගොවින් ලාල්කාන්තගේ මළගම අරන් යයි - අපේ ලාලා මඩ කාලා මැ#ණා - දානේ හොරා
05:03
Video thumbnail
අධිකරණය ගැන ජනපතිට විශ්වාසයක් නැද්ද ?කිසිම රාජ්‍ය නායකයෙක් මෙච්චර බලපෑම් කළේ නෑ
06:41
Video thumbnail
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට - BREAKING NEWS
01:00