කොළඹ ඇතුළු අවට ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට (04) දිනයේ 12 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.
ඒ, අනුව හෙට (03) පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
කොළඹ 01 සිට 15 දක්වා, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
විදුලිබල සැපයුම් පද්ධතියේ මුල්ලේරියාව උපපොළ ආශ්‍රිතව සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවන බැවින් සහ ඊට සමගාමීව දෙහිවල ජල පොම්පාගාරය හා මාළිගාවත්ත එළි හවුස් පොම්පාගාරය ආශ්‍රිතව සිදු කෙරෙන විදුලි බල පද්ධතියේ වැඩිදියුණු කිරීමේ කටයුතු හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය ජල පාරිභෝගිකයින්ට දැනුම් දෙන්නේ.













