දුර්වල අධිකරණ පද්ධතියක් පැවතීමෙන් රටක් ඉතා කෙටි කලකින් විනාශ විය හැකියි – අගවිනිසුරු

ස්වභාවික ආපදා මගින් පමණක් නොව දුර්වල අධිකරණ පද්ධතියක් හේතුවෙන් ද රටක් ඉතා කෙටි කාලයකින් විනාශ විය හැකි බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පවසනවා.

එවැනි තත්ත්වයක් ඇති වුවහොත් කිසිදු ජාත්‍යන්තර ආධාරයක් හෝ ජාත්‍යන්තර සහායක් මගින් රට යථා තත්ත්වයට පත් කළ නොහැකි බවයි අගවිනිසුරුවරයා පවසන්නේ.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ නව මහේස්ත්‍රාත්වරුන් සඳහා ඊයේ (02) පැවැති උත්සවයක දී අදහස් දක්වමින් අගවිනිසුරුවරයා මෙම අදහස් පළ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගවිනිසුරුවරයා පැවසුවේ විනිසුරුවරුන් සඳහා බලය ලබාදෙන්නේ ජනතාව බවත් එම බලය ජනතාවගේම යහපත උදෙසා භාවිතා කළ යුතු බවත් අවධාරණය කර සිටියා.

“විනිසුරුවරුන් වශයෙන් ඔබ මේ අසුනේ ඉඳගෙන ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ අධිකරණ බලයයි. ඔබ ඒ බලය ඔබේ නිවසින් රැගෙන එන්නේ නැහැ. අප ඔබට ඒ බලය ලබා දෙන්නෙත් නැහැ. අධිකරණ සේවා කොමිෂන් සභාව ඔබට බලය ලබා දෙන්නේ නැහැ. එසේ නම් ඔබට බලය ලබා දෙන්නේ කවුද? ජනතාව. ඒ කාගේ යහපත උදෙසාද ? ජනතාවගේම යහපත උදෙසායි. ඒ කරුණ අප නිරන්තරයෙන් මතක තබා ගත යුතුයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27