බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අහිමිව යන බවට තොරතුරු වාර්තා වනවා.
පැතුම් මේ වනවිට ඔහුගේ මැණික් කටුවෙහි සැත්කමකට භාජනය වීම සඳහා ලන්ඩනයට ගොස් ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.
පැතුම් දිගු කලක් තිස්සේ පැවති මැණික් කටුවේ ආබාධයකට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව සුවය ලැබීමට ප්‍රමුඛත්වයදීම සඳහා ඔහු දැනටමත් 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරගය හෙට දිනයේ ආරභා වන අතර, එම තරගය කලවා මාංශ පේශි ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට ද අහිමිව යන බවයි තොරතුරු වාර්තා වුණේ.













