ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ඉන් පිටව ගොස් තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි ඔහු මෙලෙස පිටව ගොස් ඇත්තේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකුවන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සමග පැවැත්වූයේ යැයි කියන සබඳතා කිහිපයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
+1
+1













