අනාගත සෞඛ්‍ය අභියෝගයන්ට මුහුණ දියහැකි සෞඛ්‍ය සේවක පිරිසක් බිහිකළ යුතුයි – අග්‍රාමාත්‍යවරිය

අනාගත සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට නම්, වෙනස්වන අවශ්‍යතාවන්ට අනුවර්තනය විය හැකි කුසලතාපූර්ණ සෞඛ්‍ය සේවක පිරිසක් බිහිකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ජාතික පුහුණු ආයතනය වන කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ සිය ශත සංවත්සරය (1926–2026) නිමිත්තෙන් සංවිධානය කළ ඓතිහාසික ශත සංවත්සර සම්මේලනය ඊයේ (01) කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතන ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

රටේ මහජන සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා එම ආයතනය සියවසක් පුරා ඉටු කළ විශිෂ්ට මෙහෙවර අගය කරමින් පැවැත්වුණු මෙම උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ ශත සංවත්සරය ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, එය රටේ මහජන සෞඛ්‍ය සේවක පිරිස බිහිකිරීම සහ රෝග නිවාරණ සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය සඳහා සියවසක් පුරා සිදු කළ මෙහෙවරට ලැබුණු විශාල පිළිගැනීමක් බවයි.

මාතෘ හා ළමා සෞඛ්‍ය, ප්‍රතිශක්තිකරණ වැඩසටහන්, රෝග නිවාරණය වැනි ක්ෂේත්‍රයන්ගෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ ශක්තිමත් මහජන සෞඛ්‍ය ආයතන සහ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ කැපවීම මත ගොඩනැගී ඇති බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා.

එමෙන්ම, වයස්ගත වන ජනගහනය, බෝ නොවන රෝග ව්‍යාප්තිය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවන නව සෞඛ්‍ය අවදානම් ජය ගැනීමට නම්, වෙනස්වන අවශ්‍යතාවන්ට අනුවර්තනය විය හැකි කුසලතාපූර්ණ සෞඛ්‍ය සේවක පිරිසක් බිහිකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද අගමැතිවරිය පෙන්වා දුන්නා.

නවීන සෞඛ්‍ය යටිතල පහසුකම්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා සහ ඩිජිටල් තාක්ෂණය වෙනුවෙන් රජය අඛණ්ඩව ආයෝජනය කරන බවද ඇය මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:12
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම
01:31
Video thumbnail
හාල්දීලා රාජ්‍ය සේවකයා හෑල්ලු කරන්න එපා - හිඟාකන දීමනා ගන්න බලාපොත්තු වෙන්නේ නෑ
07:14
Video thumbnail
උසාවි පෙන්නුවට නාමල් බය නෑ..නාමල් කියන්නේ මහින්දගේ පුතා - ආණ්ඩුව අත තිබ්බේ වැරදි තැනකට
03:42
Video thumbnail
කොහොමද පොලිස් චණ්ඩි දාන සත්තම - උඹ කොහොමද එහෙම ග#න්නේ ප#..ඔයා හරියට ඩියුටි කරන්නේ නෑ
03:02
Video thumbnail
සලේ ජීවිත පරදුවට තියලා මුරපද ආරක්ෂා කරගැනීමට හේතුව ගම්මන්පිල කියයි - හෙළිදරව්වීම හරිම සංවේදීයි
11:15
Video thumbnail
රු.131කින් පෙට්‍රල් මිල අඩු කරන්න පුළුවන්..ගම්මන්පිල සියල්ල එළියට දායි
10:38
Video thumbnail
වාහන ආනයනාකරුවන්ගේ සංගම‍යෙන් ආණ්ඩුවට ඉල්ලීමක් - අපිට ලොකු සහයෝගයක් දෙන්න
03:14
Video thumbnail
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයට විපක්ෂ නායක, චාමර ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
04:13
Video thumbnail
කැමරාව වහලා දොලවත්ත ආණ්ඩුවට සැරටම කිව්ව දේ - මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නෑ
03:04