පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සත්‍යය සහ සාධාරණය ඉටුකරදීම සඳහා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දරණ උත්සාහය වෙනුවෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සම්පූර්ණ සහාය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මෑතක සිට සමාජ මාධ්‍ය ඔස්සේ කාදිනල් හිමිපාණන්ට සහ ඇතැම් පූජාප්‍රසාදීන් වහන්සේලාට අපහාස වන අන්දමින් ද්වේෂසහගත සහ අසත්‍ය මත ප්‍රචාරය කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ දරමින් සිටින බවයි අදාළ නිවේදනය මඟින් රදගුරු සම්මේලනය පෙන්වා දී ඇත්තේ.
අසත්‍ය ප්‍රචාර අතර ප්‍රධාන වී ඇත්තේ අති උතුම් කාදිනල් හිමිපාණන්, තම ධුර කාලය දිගු කර ගැනීම සඳහා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ප්‍රයෝජනයට ගනිමින් සිටින්නේ ය යන ප්‍රචාරය බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාරයක් වන බවත් රදගුරු සම්මේලනය දැඩි ලෙස හෙළාදකින බවයි පවසන්නේ.















