කොමියුනිස්ට් පක්ෂය ජනතාවගේ ඉරණම වෙනස් කළා – චීන ජනපති කියයි

වසර 105ක නොනවතින අරගලය චීන ජනතාවගේ අනාගතය සහ ඉරණම මූලික වශයෙන් වෙනස් කර ඇති බව චීන ජනපති ෂී ජින් පිං පවසනවා.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ, අද (01) බෙයිජිංහි පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය සැමරීමේ උත්සවය අමතමින්.

එහිදී ඔහු අවධාරණය කර සිටියේ, වසර 105 ක මෙම අඛණ්ඩ අරගලය චීන ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීම සඳහා නිවැරදි මාවත ද විවර කර ඇති බවයි.

මාක්ස්වාදයේ බලගතු ජීව ගුණය මනාව පෙන්නුම් කර ඇති වසර 105 ක මෙම ගමන්මග, ලෝක ඉතිහාසයේ ගමන් මගට ද ප්‍රබල ලෙස බලපා ඇති බවත්, එය ශක්තිමත්ව ගොඩනැගීමට චීන කොමියුනිස්ට් පක්ෂය දායක වී ඇති බවත් ඔහු සඳහන් කළා.

පක්ෂයේ මූලික න්‍යායයන්ට සහ මූලික ප්‍රතිපත්තියට අනුගතව ඓතිහාසික ජයග්‍රහණ වෙනුවෙන් සමස්ත පක්ෂයම සැමවිටම ජනතාව මත විශ්වාසය තැබිය යුතු බව ද චීන ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම ඉදිරි ගමන් මඟ තුළ මතුවිය හැකි අවදානම් සහ අභියෝගයන්ට සමස්ත පක්ෂයම සක්‍රීයව ප්‍රතිචාර දැක්විය යුතු බව ද ෂී පැවසුවා.

තවද, සමස්ත පක්ෂය තුළම පූර්ණ සහ දැඩි ස්වයං පාලනයක් ඉදිරියට ගෙන යා යුතු බව ද චීන ජනපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

මේ අතර, පක්ෂය හා ජනතාව වෙනුවෙන් ඉහළ කැපවීමෙන් සිය වගකීම් හා යුතුකම් ඉටු කරමින් සිටින පක්ෂ සාමාජිකයන් 08 දෙනෙකු වෙත චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම ගෞරවයට හිමිකම් කියනු ලබන ‘ජූලි 1 පදක්කම’ පිරිනැමීම ද මෙම සැමරුම් උත්සවයේදී සිදු කෙරුණා.

පක්ෂය වෙනුවෙන් විශාල දායකත්වයන් ලබා දුන් කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් මෙන්ම කැපී පෙනෙන මෙහෙවරක් සිදුකරන නිලධාරීන් සහ බිම් මට්ටමේ පක්ෂ සංවිධාන ද මෙහිදී ඇගයීමට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෂෙඩ් එකේ මල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
01:40
Video thumbnail
මිහින්තලා හිමි ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - වාචිකවත්, ලිඛිතවත් බොරු කියනවා
10:12
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35