ආබාධිත පුද්ගලයින්ට ප්‍රමුඛතා කාඩ්පතක්

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සභාපතිත්වයෙන් අද (30) පෙරවරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස් වුණා.

එහිදී රාජ්‍ය ආයතන මඟින් ආබාධ සහිත පුද්ගලයන්ට සේවා සැපයීමේදී ප්‍රමුඛතාව ලබාදීම සඳහා විශේෂ කාඩ්පතක් හඳුන්වා දීමට තීරණය කෙරුණා.

ඒ, අනුව කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුල් කරගනිමින් මෙහි නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

තවද දැනට සැලසුම් කර ඇති ආබාධ සහිත පුද්ගලයන්ගේ ආබාධිතභාවය පිළිබඳ වර්ගීකරණය චක්‍රලේඛයක් ලෙස නිකුත් කිරීමට සභාවේ එකඟතාව පළවුණා.

එමෙන්ම ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් භාවිත කළ හැකි පාරිභාෂික වචන මාලාව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සමඟ එක්ව ප්‍රකාශනයක් ලෙස නිකුත් කිරීමට ද තීරණය කළ අතර, ආබාධ සහිත පුද්ගලයන් සඳහා සේවා සපයන පුද්ගලයන් ඇගයීමට අදාළ නිර්ණායක සකස් කර අවසන් කිරීමටයි සභාවේ එකඟතාව හිමිව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්