වැවක ගිලී මියගිය පුද්ගලයෙකුට කොවිඩ්

ආණමඩුව H 8 ගම්මානයේ වැවක දිය නාමින් සිටියදී දියේ ගිලි මරණයට පත්වු පුද්ගලයාට සිදුකර තිබූ PCR පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.

ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රවී අබේරත්න මහතා අද (24) පැවසීය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ 60 හැවිරිදි තිදරු පියෙකි.

ඉකුත් 22 වනදා ඔහු එම අනතුරට මුහුණ දී තිබුණි.

දැනට නිරෝධායනයට යොමුකර සිටින පුද්ගලයින් 20 දෙනාට අමතරව අදාළ පුද්ගලයා සමග සම්බන්ධතා පැවැත්වූ තවත් 50 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායන උපදෙස් මගහරිමින් කටයුතු කරමින් ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් අබේරත්න මහතා පැවසීය.

ඒ අනුව ඔවුන්ට ඉදිරියේදී PCR පරීක්ෂණ සිදු කිරීමට පියවර ගන්නා බවද ඔහු පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59