පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය සහ රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්වහල් සා තැබීමට පියවර ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, අනුව හෙටට (29) යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් අද (28) දිනයේ මත්පැන්හල් වසනු ලබන වේලාවේ සිට ලබන 30 වන දින නැවත විවෘත කිරීමට නියමිත වේලාව දක්වා දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබෙන බවයි දැනුම් දෙන්නේ.
මේ අතර රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් ජූනි (26) සිට ජූලි මස 02 දක්වා ක්‍රියාත්මක වන පරිදි මිහින්තලේ, මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මහවිලච්චිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 04 තුළ පිහිටි සියලුම මත්පැන්සල් වසා තැබීමට නියෝග කර තිබෙනවා.













