ජපානයේ රිච්ටර් මාපක 6.1ක භූමිකම්පාවක්

ජපානයේ ඉවාට් ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් අද (28) අලුයම භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

මෙම භූමිකම්පාව රිච්ටර් මාපක 6.1ක ප්‍රබලත්වයක් සටහන් වූ බවයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ.

එම කලාපයේ මෑත කාලීන කම්පන මාලාවකට මුහුණ දී සිටින බව සඳහන් කළ එරට කාලගුණ විද්‍යා, මෙම භූකම්පනයෙන් ඒජන්සිය සුනාමි අවදානමක් නොමැති බවයි සඳහන් කළේ.

භූකම්පනයෙන් දේපළ හානි හෝ ජීවිත හානි පිළිබඳව වාර්තා වී නැහැ.

දේශීය වේලාවෙන් අලුයම 5:21ට පමණ සිදුව ඇති මෙම භූමිකම්පාවේ අපිකේන්ද්‍රය පොළොව මතුපිට සිට කිලෝමීටර 41ක් ගැඹුරින් පිහිටා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted