ට්‍රම්ප්ගේ රුව එක්සත් ජනපද පාස්පෝට් එකටත් එයි

ඇමරිකාවේ 250 වන සංවත්සර සැමරුම වෙනුවෙන් ට්‍රම්ප් පරිපාලනය විසින් නව විදෙස් ගමන් බලපත්‍රයක් එළිදක්වා තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡායාරූපයක් සහිත නව සීමිත සංස්කරණ කිහිපයක් සමඟයි මෙම නව එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍රය එළිදක්වා ඇත්තේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම නව විදේශ ගමන් බලපත්‍ර ජූලි 06 වන දින ලබාගත හැකි බවයි.

ධවල මන්දිරය විසින් ධවල මන්දිර නිල එක්ස් ගිණුමේ මෙම නව විදේශ ගමන් බලපත්‍රයේ පින්තූර බෙදාගනිමින්, නව ලේඛනය “දේශප්‍රේමී විදේශ ගමන් බලපත්‍රයක්” ලෙස නම් කර තිබෙනවා.

ඇමරිකානුවන්ට මෙම විදෙස් ගමන් බලපත්‍රය සඳහා මාර්ගගතව හෝ තැපෑලෙන් අයදුම් කළ නොහැකි අතර, රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, වොෂින්ටන් ඩීසී හි විදේශ ගමන් බලපත්‍ර ඒජන්සියට පැමිණීම ඉල්ලුම් කළ හැකි වනවා.

නව එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍රවල ලිබර්ටි ප්‍රතිමාව වැනි ඇමරිකානු සංකේත සමඟ සඳ මත ගොඩබෑම වැනි එරට ඉතිහාසයේ දර්ශන නිරූපණය කෙරෙනවා.

එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍රයක ජීවමාන වත්මන් ජනාධිපතිවරයෙකුගේ රුව ඇතුළත් කළ පළමු අවස්ථාව මෙය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30