පාකිස්ථානයේ දී තම සැමියා විසින් වසර 12ක් තිස්සේ සිරකරගෙන සිටි ප්‍රංශ ජාතික කාන්තාවක සහ දරුවන් පස්දෙනා බේරාගැනේ

තම ප්‍රංශ ජාතික බිරිඳ සහ දරුවන් පස්දෙනා වසර දහයකට අධික කාලයක් තිස්සේ නිවසක් තුළ සිරකර තබමින් ඔවුන්ට දරුණු ලෙස වධහිංසා පැමිණවූ පකිස්ථාන ජාතික පුද්ගලයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සිල්වි යස්මිනා නමැති මෙම 54 හැවිරිදි ප්‍රංශ කාන්තාව ප්‍රකාශ කරන්නේ, තම සැමියා අතිශය ප්‍රචණ්ඩකාරී පුද්ගලයෙකු වන අතර ඔහු දිනපතාම තමාට සහ දරුවන්ට ශාරීරිකව මෙන්ම මානසිකව දරුණු ලෙස වධහිංසා පැමිණවූ බවයි.

පකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා බලප්‍රදේශයේ පිහිටි දුෂ්කර කඳුකර නගරයක් වන බාරා හි පිහිටි නිවසකින් මොවුන්ව බේරාගැනීමට හැකිවූයේ, එහි සිටි එක් පිරිමි දරුවෙකු හොර රහසේ නිවසින් පැනගොස් පොලිසියට පැමිණිලි කිරීමත් සමඟයි.

පොලිස් වැටලීමේදී මෙම කාන්තාව සහ දරුවන් පස්දෙනා අතිශය අපිරිසිදු සහ පටු කාමරයක් තුළ සිරකර සිටි අතර ඔවුන්ගේ සිරුරු පුරා තලා පෙලා ඇති බවට සලකුණු සහ තුවාල දක්නට ලැබුණු බව සෞඛ්‍ය අංශ තහවුරු කරනවා.

මෙම යුවළ 2003 වසරේදී ඕස්ට්‍රේලියාවේදී විවාහ වී ඇති අතර, එහි නීතිවිරෝධී ලෙස රැඳී සිටි සැමියා සමඟ ඔවුන් 2014 වසරේදී පකිස්ථානය බලා පැමිණියා.

එතැන් සිට වසර 12ක් තිස්සේ කිසිදු බාහිර ලෝකයක් සමඟ සන්නිවේදනය කිරීමට ඇයට ඉඩ දී නොමැති අතර, වැඩිමහල් දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අහිමි වී තිබෙනවා.

එමෙන්ම පකිස්ථානයේදී උපත ලැබූ අනෙක් කුඩා දරුවන් තිදෙනා මෙතෙක් කිසිදු පාසලකට ඇතුළත් කර නොමැති බව පොලිසිය අනාවරණය කළා .

තමන්ගේ සහ දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පවසන මෙම වින්දිත කාන්තාව සහ දරුවන් මේ වන විට පෙෂාවර් හි පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කර තිබෙනවා .

ප්‍රංශ තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත ඔවුන්ව කඩිනමින් නැවත ප්‍රංශය බලා පිටත් කර හැරීමට අවශ්‍ය නීතිමය පියවර ගනිමින් පවතින බව පකිස්ථාන බලධාරීහු වැඩිදුරටත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35