ඉන්දීය ආධාර යටතේ මලෛගම් ජනතාව වෙනුවෙන් ඉදිකරන නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලේ

ඉන්දීය ආධාර යටතේ මලෛගම් ජනතාව වෙනුවෙන් ආරම්භ කර ඇති නිවාස 4700ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙහි ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්තිගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

මෙම නිවාස වැඩපිළිවෙළ යටතේ ආපදා අවදානම් ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හඳුනාගත් පවුල් වෙත නිවාස 2026ක් ලබා දීමට නියමිත අතර, සෙසු නිවාස හඳුනාගත් වතුකරයේ වැඩකරන ජනතාව වෙනුවෙන් ලබා දීමට අපේක්ෂා කෙරෙනවා.

ඒ අනුව ප්‍රාදේශීය වැවිලි සමාගම් 22ක සහ රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනවසම සහ ඇල්කඩුව යන වැවිලි සමාගම්වලට අයත් වතුවල පදිංචිව සිටින මලෛගම් ජනතාව වෙනුවෙන් නිවාස ලබා දීමට නියමිතයි.

මෙම එක් නිවසක් ඉදිකිරීම වෙනුවෙන් ඉන්දීය රජය රුපියල් ලක්ෂ 28ක් සහ ශ්‍රී ලංකා රජය රුපියල් ලක්ෂ 4ක් වෙන් කර තිබෙනවා.

නිවාස ව්‍යාපෘතියෙහි කටයුතු මේ වසර අවසන් විමට පෙර නිම කරන ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, නිවාස ඉදිකිරීමට යෝජිත ඉඩම් කඩිනමින් නිදහස් කරන ලෙසත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් සුදුසු ඉඩම් හඳුනා ගැනීමට අවශ්‍ය වාර්තාවන් ලබා දෙන ලෙසත් වැඩිදුරටත් උපදෙස් දුන්නා.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, නිවාස සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ වැවිලි මානව සංවර්ධන භාරය ඒකාබද්ධව මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) කේ. එස්. විජයකිර්ති, අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු) එන්. ඩී. එන්. පුෂ්පකුමාර, අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) ඩබ්ලිව්. ඒ. කේ. එස්. දමයන්ති, වැවිලිකරුවන්ගේ සංගමයේ මහලේකම් ඇතුළු නිවාස සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ අදාළ ආයතනවල නිලධාරීහු, වැවිලි සමාගම්වල නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22