අනාරක්ෂිත ළිඳකට වැටී සිව් හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට

ධර්මපුරම් පොලිස් වසමේ පිරිමන්දාරු ප්‍රදේශයේ දී අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දැරියක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පිරිමන්දාරු ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 02ක දැරියක්.

ඊයේ (22) පස්වරුවේ මෙම දරුවා පදිංචි නිවසට යාබද නිවස ආසන්නයේ අනාරක්ෂිත ජලය පිරී තිබූ ළිඳකට වැටී සිටියදී ඉන් ගොඩට ගෙන රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෘතදේහය ධර්මපුරම් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ධර්මපුරම් පොලිසිය විසින් විමර්ශන සිදුකරනු ලබනවා.