ඇමරිකා – ඉරාන සාකච්ඡා ධනාත්මක සහ ඵලදායි තැනක – පකිස්ථානය සහ කටාරයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

ඇමරිකා එක්සත් ජනපද-ඉරාන සාකච්ඡා ධනාත්මක සහ ඵලදායි බව පකිස්ථානය සහ කටාර් රාජ්‍ය පවසනවා.

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ඇමරිකා එක්සත් ජනපද සහ ඉරාන තාක්ෂණික සාකච්ඡා පිළිබඳව මැදිහත්කරුවන් වන පකිස්ථානය සහ කටාරය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙනවා.

පකිස්ථානය සහ කටාරය අදාළ ඒකාබද්ධ ප්‍රකාශය මගින් දක්වා ඇත්තේ, සාකච්ඡා “ධනාත්මක සහ ඵලදායි වාතාවරණයක්” තුළ පැවැත් වූ බවයි.

“තවදුරටත් තාක්ෂණික සාකච්ඡා සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම ඇතුළුව දිරිගන්වන ප්‍රගතියක් ලබා ඇත,” යනුවෙන් එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය සඳහා යාන්ත්‍රණයක් සකස් කර ඇති බව ඉරානය පවසනවා.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ආරක්ෂිතව ගමන් කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බවත්, ඒ වෙනුවෙන් යාන්ත්‍රණයක් සකස් කර ඇති බවයි ඉඉරානයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගයි පවසන්නේ.

එමෙන්ම ඉරාන වත්කම් නිදහස් කිරීම, තෙල් සම්බාධකවලින් සහන ලබාගැනීම සම්බන්ධයෙන් යහපත් ප්‍රගතියක් එක්සත් ජනපදය සමඟ සාකච්ඡාකළ පළමු දිනයේ ලබා ඇති බවයි ඉරානය සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00