මහාචාර්ය සුනිල් ආරියරත්න ලෙස පෙනී සිටිමින්, ජනප්‍රිය නිළියකගෙන් අයුතු ප්‍රශ්න කිරීමට අනුබල දුන්, සහය අධ්‍යක්ෂකවරයාට අත්වුණු ඉරණම මෙන්න

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනී සිට ප්‍රසිද්ධ නිළියකට ජංගම දුරකතනයෙන් කතාකර චිත්‍රපටියක රඟපෑමට තෝරාගත් බව පවසා ලිංගික ක්‍රියා පිළිබඳ ප්‍රශ්ණ කරමින් අසභ්‍ය සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට අනුබල දුන් පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද මෙම සැකකරු, ජුලි 01වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමටයි ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද දහවල් (23) නියෝග කළේ.

ඉකුත් 15 වන දින සිට 23 දක්වා කාලය තුල සැකකරුගේ ජංගම දුරකතන ඇමතුම් විශ්ලේෂණ වාර්තා පොලිසියට ලබා දෙන ලෙස මෙහිදි අතිරේක මහේස්ත්‍රාත්වරිය ආදල දුරකතන සමාගම්වලට ද නියෝග කරනු ලැබුවා.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ චිත්‍රපට සහකාර අධ්‍යක්ෂවරයෙකු බව කියන බෙන්තොට ගෝනගලපුර පදිංචි වත්තෝරු තන්ත්‍රිගේ රවින්ද්‍ර නමැති 46 හැවිරිදි සැකකරුවෙක්.

නිළිය විසින් වරාය පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව ඉකුත් 15 වන දින දුරකතනයෙන් කතාකල අයෙකු තමා මහාචාර්ය සුනිල් ආරියරත්න බවත් චිත්‍රපටියක රඟපෑමට තෝරාගෙන ඇති බවත් ඒ සඳහා මිලියන දෙකක් ගෙවන බවත් පවසා තිබෙනවා.

පසුව ඇයට දුරකතනයෙන් කතා කල ඇති එම පුද්ගලයා ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ ඇයගෙන් විවිධ ප්‍රශ්ණ අසමින් අසභ්‍ය සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇති බව සඳහන්.

ඉන්පසුව ඇය 17 වන දින පොලිසියට පැමිණ මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව පරික්ෂණ පැවැත්වු පොලිසිය චිත්‍රපටි නිළියක්වු කාන්තාවකට චවනයෙන් ලිංගික හිරිහැර සහ ලිංගික ක්‍රියාවලිය පිළබද ප්‍රශ්ණ කර සම්මුඛ සාකච්ඡාවක් පවත්වා අන් අයෙකු ලෙස පෙනි සිට කුමන්ත්‍රණය කිරිම එයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් මෙම සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ මෙම සිද්ධිය දැනගත් පසු මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ද පැමිණ සැකකරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ප්‍රකාශයක් ලබාදුන් බවයි.

සියලු කරුණු සළකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරිය ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළා.

ෆර්හාන් නිසාම්දින්

සසැදි පුවත – සුනිල් ආරියරත්න නමින් පෙනී සිටි පුද්ගලයා මගේ වීඩියෝ එකක් කළා..” – නිර්ධා උයන්හේවා හෙළි කරයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23