යුද වියදම් පියවීමට පෙන්ටගනයට ඩොලර් බිලියන 80ක අවශ්‍යතාවයක්

ඉරානයට එරෙහිව පවත්වා ගෙන ගිය යුද්ධයේ වියදම් මෙන්ම යුද්ධයට අදාළ නොවන අනෙකුත් වියදම් ද ආවරණය කර ගැනීමට කිරීම සඳහා යුද දෙපාර්තමේන්තුවට ඩොලර් බිලියන 80ක් අවශ්‍ය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපද නියෝජ්‍ය ආරක්ෂක ලේකම් ස්ටීවන් ෆයින්බර්ග් මේ සතියේ නීති සම්පාදකයින්ට පවසා ඇති බව එම මාධ්‍ය වාර්තා වල සඳහන්.

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයේ සමස්ත පිරිවැය මේ තෙක් නිශ්චිතව ප්‍රකාශ වී නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් විශේෂඥයින් ඇස්තමේන්තු කර ඇත්තේ, ගැටුම හේතුවෙන් එක්සත් ජනපද ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 01ක් පමණ වැය විය හැකි බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted