සරුංගල් නූලක පැටලුණු කොකෙක් බේරා ගැනීමට ගිය අයෙක් දියේ ගිලි අතුරුදන්

නිකවැරටිය පොලිස් වසමේ ඊයේ (16) දින සවස ගනේවැව ප්‍රදේශයේ නෑබඩ වැවෙහි දියේ ගිලී පුද්ගලයෙක් අතුරුදන් වී ඇති බවට නිකවැරටිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භකර තිබෙනවා.

අතුරුදන් වූ පුද්ගලයා අවුරුදු 43 ක් වූ දිවුල්ලෑගොඩ, නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයා තවත් කිහිප දෙනෙක් සමඟ සරුංගල් නූලක පැටලී වැවට වැටී සිටි කොකෙක් බේරා ගැනීමට උත්සහ කිරීමේදී මෙලෙස දියේ ගිලී අතුරුදන් වී ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව අතුරුදන් වූ පුද්ගලයා සොයා නිකවැරටිය පොලිසිය විසින් වැඩිදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්