2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී තමන් සහභගි වූ පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ප්රංශය සමත් වුණා.
ඒ, සෙනගාලය සමඟ පැවති තරගය ගෝල 3-1ක් ලෙස ජය ගනිමින්.
‘I’ කාණ්ඩය යටතේ අමෙරිකාවේ මෙට්ලයිෆ් ක්රීඩාංගණයේ දී ආරම්භ වූ තරගයේ පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙකෙන්ම කිසිඳු ගෝලයක් වාර්තා නොවූ අතර දෙවන අර්ධයේ දී 65 වැනි මිනිත්තුවේදී ප්රංශයේ සුපිරි ක්රීඩක කිලියන් එම්බාපේ විසින් තරගයේ පළමු ගෝලය වර්ත් කරමින් තරගය් ප්රංශය දෙසට විවර කරගත්තා.
එමෙන්ම ආදේශක ක්රීඩකයෙක් ලෙස පිටියට පැමිණි විගස බ්රැඩ්ලි බාර්කෝලා ද ගෝලයක් වාර්තා 81 වැනි මිනිත්තුවේ දී ප්රංශය වෙනුවෙන් දෙවන් ගෝලය රැස්කර ගනු ලැබුවා.
කෙසේ වෙතත් තරගයේ අවසන් මිනිත්තු කිහිපය ද උණුසුම් කරමින් සෙනගාලය ගෝලයක් රැස් කර ගැනීමට සමත් වූ අතර එම උණුසුම පහව යන්නට නොදී ඉන් කෙටි වේලාවකට පසු එම්බාපේ විසින් නැවතත් ගෝලයක් වාර්තා කරමින් ප්රංශයේ ජය තහවුරු කළා.













