නවසීලන්තයෙන් බිහි වූ සුපිරි පිතිකරුවෙක් සහ දක්ෂ නායකයෙක්වන කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අතරතුර ඔහු මෙම සමුගැනීම නිවේදනය කළා.
ඒ අනුව වසර 16 ක් පුරා තම රට වෙනුවෙන් නිරත වූ විශිෂ්ට ක්‍රිකට් දිවියට විලියම්සන් මෙලෙස තිත තබනු ඇති.
කේන් විලියම්සන් සැලකෙන්නේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ආකෘතී තුන තුළ නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා ලෙසයි.
35 හැවිරිදි වියේ පසුවන ඔහුගේ වසර 16 කට වැඩි කාලයක් පුරා දිවෙන කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ, ශතක 48ක් සහ ද්විත්ව ශතක හයක් රස්කරගේ සිටිනවා.
විලියම්සන් සලකනු ලැබුවේ විරාත් කෝලි, ස්ටීව් ස්මිත් සහ ජෝ රූට් සමඟ නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ ‘ෆැබ් ෆෝ’ හි කොටසක් ලෙසයි.













