අයවැය කථාව හෙට – විවාදයට දින 26ක්

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව ) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට හෙට පස්වරු 1.30ට පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි.

අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) නොවැම්බර් 13 සිට දෙසැම්බර් 14 දක්වා දින 26ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

2026 ඔක්තෝබර් 07 වැනිදා පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්‍පත, දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට නොවැම්බර් 20 දක්වා දින 07 ක් පැවැත්වීමට නියමිත බවට වාර්තාවෙනවා.

අනතුරුව නොවැම්බර් 20 වැනිදා ප.ව. 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනවා.

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා සෙනසුරාදා දින 04 ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතව ඇති බවට පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනය කරනවා.

ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්‍පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වෙනවා.

අයවැය කාලසීමාව තුළ සෑම දිනයකම පෙ.ව 9.30 සිට පෙ.ව 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා.

පෙ.ව 10.00 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5 ක් සහ පෙ.ව 10.30 සිට පෙ.ව 11.00 දක්වා ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න 1ක් සඳහා කාලය වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා කාල සීමාව තුළ අයවැය විවාදය පැවැත්වෙනවා.

ඡන්ද වීමසීම් පැවැත්වෙන නොවැම්බර් 20 සහ දෙසැම්බර් 14 යන දෙදින හැර අන් සෑම දිනකම ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමටත් වෙන් කර ඇති බවටත් නිවේදනය කරනවා.