සියවස් ගණනකට පසු මෙරට බලය මේ වනවිට ප්‍රභූ පංතියෙන්, නිර්ප්‍රභූ පංතියට මාරු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත පවසනවා.
ඒ, අනුව මේ වන්විය ශ්‍රී ලංකාව තුළ පවතින්නේ නිර්ප්‍රභූ පංතියේ පාලනයක් බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (12) පැවති ලංකා විදුලි සේවක සංගමයේ වාර්ෂික මහා සමුළුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙතෙක් කලක් මෙරට පාලන කළ ප්‍රභූ පංතිය සතුව තිබූ සමාජ බලය, දේශපාලන බලය, ආර්ථික බලය සහ සංස්කෘතික බලය මේ වනවිට ඔවුන් සතුව නොමැති බවයි .
කෙසේ වෙතත් ප්‍රභූ පංතිය සතුව සුළු වශයෙන් හෝ යම් බලයක් ඇත්නම් එයද බිංදුවටම අවසන් කර දැමීමට අධිෂ්ඨාන කරගත යුතු බවයි ලාල්කාන්ත අමාත්‍යවරයා සඳහන් කළේ.
“සියවස ගණනකට පස්සේ මේ ශ්‍රී ලාංකීය භූමියේ ප්‍රභූ පංතියෙන්, ඊනියා ප්‍රභූ පංතියෙන් නිර්ප්‍රභූ පංතියට බලය මාරු වුණා. දැන් තියෙන්නේ නිර්ප්‍රභූ පංතියේ පාලනයක්. දැන් අර ප්‍රභූ පංතියට, සමාජ බලයත් නෑ, දේශපාලන බලයත් නෑ, ආර්ථික බලයත් නෑ ඒත් චූට්ටක් තියනවා ඒ ටිකත් අපි බිංදුවටම බස්සනවා කියලා අධිෂ්ඨාන කරගන්න ඕන.”













