පළාත් 03කට සහ දිස්ත්‍රික්ක කිහිපයකට අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු – මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 පමණ තද සුළං ඇති විය හැකි බව නිවේදනයේ සඳහන්ව තිබෙනවා.

සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැගිටපන් යකෝ, අයියා ආවා - චූටික්කෝ මගේ මල්ලි
00:55
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්, බිරිඳ මෛත්‍රී එක්කම අධිකරණයට ආ හැටි
00:51
Video thumbnail
උසාවියට ආපු රනිල් ආපු වේගෙන්ම හැරිලා යයි
01:16
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්, බිරිඳ මෛත්‍රී එක්කම අධිකරණයට ආ හැටි - ගැම්මට එන හැටි බැහැලා
03:01
Video thumbnail
"ආණ්ඩුව හැදි#ගෑවිලාම පලයල්ලා" දේව කන්නලව්වක් කරලා ගොවීන් ආණ්ඩුවට පොල් ග#යි
05:34
Video thumbnail
මේක නියපොත්තෙන් කඩන්න තිබ්බ දෙයක් - කවුද ඕඩර් එක නොදුන්නේ..?
08:01
Video thumbnail
ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමක් නොකලේ ඇයි ?ආණ්ඩුව ෆේල්
14:47
Video thumbnail
ඇමතිගේ අතින් අල්ලගෙන් නිලධාරීන් හඬා වැටෙයි
01:01
Video thumbnail
මහින්ද ඉස්සරහට ගිහින් වටගල දණ ගහනවා - කොන්දක් තියෙනවා නම් කෙළින් ඉන්න
07:02
Video thumbnail
යුද හමුදා නිලධාරීන් ඇවිත් ගාල්ල ජාතික රෝහලට දුන්න ෆුල් සුද්දය
03:36