ඇමරිකානු ප්‍රහාරක හෙලිකොප්ටරය ඉරානය විසින් බිම හෙළා ඇති බව හෙළිවෙයි

හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ දී පසුගිය සඳුදා අනතුරට පත් වූ එක්සත් ජනපද හමුදාවට අයත් අපාචි වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කඩා වැටී නොමැති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

එම ප්‍රහාරක හෙලිකොප්ටර් යානය ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් විනාශ වී ඇති බවයි ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ.

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් අවධාරණය කර සිටින්නේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂක මුර සංචාරයක නිරත වෙමින් තිබූ අපාචි වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානයට ඉරානය විසින් ප්‍රහාර එල්ල කර ඇති බවයි.

යානයේ ගමන් කළ නියමුවන් දෙදෙනාම කිසිදු අනතුරකින් තොරව නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් වුවද, එක්සත් ජනපද හමුදාවට එල්ල වූ මෙම ප්‍රහාරය සුළුකොට තැකිය නොහැකි බවත්, එක්සත් ජනපදය මීට එරෙහිව දැඩි මිලිටරි ප්‍රතිප්‍රහාරයක් අනිවාර්යයෙන්ම දියත් කරන බව ද ඔහු පවසා තිබෙනවා.

මේ අතර එක්සත් ජනපද ආරක්ෂක අංශවල මූලික විමර්ශන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉරාන නියමුවකින් තොර ඩ්‍රෝන යානයක් මෙම හෙලිකොප්ටර් යානය බිම හෙළීම සඳහා සම්බන්ධ වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්