කොළඹට පැමිණෙන දුරගමන් සේවා බස් රථවල අඩුවක්

අද (25) දිනයේ දී පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන දුරගමන් සේවා බස් රථවල අඩුවක් පවතින බව අන්තර් පළාත් බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ, අනුව 25% කින් පමණ දුරගමන් සේවා බස් රථ ධාවනය අඩු වී ඇති බවයි එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර සඳහන් කළේ.

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් රථ ධාවන කර ගැනීමට නොහැකිව මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි සභාපතිවරයා පවසා සිටියේ.

මෙම තත්ත්වය බස් ගාස්තු වැඩිකරන තෙක් පවතින බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප ජාතික ගමනා ගමන් කොමිෂන් සභාවෙන් විමසීමක් කරනු ලැබුවා.

එහිදී එම කොමිෂන් සභාවේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන දුරගමන් සේවා බස් රථවල සැලකිය යුතු අඩුවක් දක්නට නොලැබෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted