අම්බලන්ගොඩ පොලිස් වසමේ පෝනදුව ප්‍රදේශයේදී අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ හා අම්බලන්ගොඩ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව ෆේස්බුක් සාදයක් වටලා කොකේන් මිලිග්‍රෑම් 225 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 125 ක්, ගංජා ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 400 ක් හා නීති විරෝධී සිගරට් සමඟ සැකකරුවන් 25 දෙනෙක් හා සැකකාරියන් 03ක් අත්අඩංගුවට තිබෙනවා.
සැකකරුවන් හා සැකකාරියන් අවරුදු 18 ත් 44 අතර වයස්වල පසුවන බටපොල, ඌරගස්මන් හංදිය, බලපිටිය, හෝමාගම, බේරුවෙල, අම්බලන්ගොඩ, මීටියාගොඩ, වතුගෙදර හා අහුංගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි [පොලිසිය සඳහන් කළේ.
අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1
1













