Indian Premier League

මාල 16කට විද්ද “මාල ගිරවා “අත්අඩංගුවට

දිවයිනේ විවිධ ප්‍රදේශවලදී රන් මාල 16ක් පමණ සොරකම් කළ බව පැවසෙන හුළං නොහොත් මාල ගිරවා නමැත්තා කටුගස්තොට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රන් මාල 4ක් කොල්ලකෑමේ චෝදනාවකට වුවද මීට පෙර රන් මාල 12ක් කොල්ලකෑමේ වරදට අධිකරණය හමුවේ නඩු ගණනාවක්ම විභාග වෙන බවද පොලිසිය පවසයි.

කටුගස්තොට ගාලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරුට විරුද්ධව ගලගෙදර, ගම්පොළ, කඩුගන්නාව ආදී ප්‍රදේශවල සිදුවූ සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තු හතරක් පමණ තිබෙන බවද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

සැකකරු විසින් මෑතකදී කටුගස්තොට පොලිස් වසමෙන් සොරාගන්නා ලද රන් මාල හතරෙන් දෙකක් සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ වන බවද පොලිසිය පවසයි.

සැකකරු පසුගිය දා මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

විජේරත්න හල්ඔලුව-හාරිස්පත්තුව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුබ ගමන් සසුනිසුරාණෙනී - සුදතුම් පියාණන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර සිදුකරන්නේ මෙහෙමයි
Video thumbnail
අනේ අපේ ජනාධිපතිතුමාට අනේකවාරයක් පිං !
04:43
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:34:40
Video thumbnail
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු අදයි
01:50
Video thumbnail
🔴මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත - හීනටියන ගමම දෙවනත් කරපු ගැස්සුනු කොකා....
01:07
Video thumbnail
‍රංජිත් හිනාවෙන්ම ආණ්ඩුවට දෙසපු සුපිරිම දෙසිල්ල
07:43
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34

?