මාල 16කට විද්ද “මාල ගිරවා “අත්අඩංගුවට

දිවයිනේ විවිධ ප්‍රදේශවලදී රන් මාල 16ක් පමණ සොරකම් කළ බව පැවසෙන හුළං නොහොත් මාල ගිරවා නමැත්තා කටුගස්තොට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රන් මාල 4ක් කොල්ලකෑමේ චෝදනාවකට වුවද මීට පෙර රන් මාල 12ක් කොල්ලකෑමේ වරදට අධිකරණය හමුවේ නඩු ගණනාවක්ම විභාග වෙන බවද පොලිසිය පවසයි.

කටුගස්තොට ගාලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරුට විරුද්ධව ගලගෙදර, ගම්පොළ, කඩුගන්නාව ආදී ප්‍රදේශවල සිදුවූ සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තු හතරක් පමණ තිබෙන බවද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

සැකකරු විසින් මෑතකදී කටුගස්තොට පොලිස් වසමෙන් සොරාගන්නා ලද රන් මාල හතරෙන් දෙකක් සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ වන බවද පොලිසිය පවසයි.

සැකකරු පසුගිය දා මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

විජේරත්න හල්ඔලුව-හාරිස්පත්තුව



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57