තමිල්නාඩුවෙන් ගෙනා කාබනික පොහොර රේගුවේ රඳවාගනී

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිට මෙරටට ගෙන්වූ කාබනික පොහොර අඩංගු අඩි 40 ප්‍රමාණයේ බහලුම් තුනක් ශ්‍රී ලංකා රේගුව රඳවාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියකු සඳහන් කර තිබේ.

එම කාබනික පොහොර මදුරේහි ලියාපදිංචි නොකළ සමාගමකින් ආනයනය කර තිබෙන බවත් ආනයන කරන අවස්ථාවේදී බාරදී ඇති ලිපි ලේඛණවල සඳහන් ආනයනකරුගේ ලිපිනය ද සැක සහිත බවත් පැවසෙයි.

එසේම එම බහාලුම් 03හි පොහොර කිලෝ 77881.41 ක ප්‍රමාණය කොළඹ 12 ප්‍රදේශයේ සමාගමක් විසින් ආනයනය කර තිබෙන බවත් දැනට එම බහලුම් ඔරුගොඩවත්ත ග්‍රේලයින් බහලුම් පර්යන්ථයේ ගබඩා කර තිබෙන බවත් වාර්තා වෙයි.

මේ අතර එම කාබනික පොහොර තොගය ආනයනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කිසිඳු බලපත්‍රයක් නොමැතිව සිදුකර තිබෙන බවත් ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරික් ප්‍රකාශ කර ඇත .

1999 ශාක ආරක්‍ෂණ පනත යටතේ කාබනික පොහොර ආනයනය තහනම් කර තිබෙන අතර ශ්‍රී ලංකාවට ක්ෂුද්‍ර ජීවින් සහ විවිධ දිලීර වර්ග ඇතුල්වීම වැලැක්වීම සඳහා එම පියවර ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?