තමිල්නාඩුවෙන් ගෙනා කාබනික පොහොර රේගුවේ රඳවාගනී

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිට මෙරටට ගෙන්වූ කාබනික පොහොර අඩංගු අඩි 40 ප්‍රමාණයේ බහලුම් තුනක් ශ්‍රී ලංකා රේගුව රඳවාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියකු සඳහන් කර තිබේ.

එම කාබනික පොහොර මදුරේහි ලියාපදිංචි නොකළ සමාගමකින් ආනයනය කර තිබෙන බවත් ආනයන කරන අවස්ථාවේදී බාරදී ඇති ලිපි ලේඛණවල සඳහන් ආනයනකරුගේ ලිපිනය ද සැක සහිත බවත් පැවසෙයි.

එසේම එම බහාලුම් 03හි පොහොර කිලෝ 77881.41 ක ප්‍රමාණය කොළඹ 12 ප්‍රදේශයේ සමාගමක් විසින් ආනයනය කර තිබෙන බවත් දැනට එම බහලුම් ඔරුගොඩවත්ත ග්‍රේලයින් බහලුම් පර්යන්ථයේ ගබඩා කර තිබෙන බවත් වාර්තා වෙයි.

මේ අතර එම කාබනික පොහොර තොගය ආනයනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කිසිඳු බලපත්‍රයක් නොමැතිව සිදුකර තිබෙන බවත් ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරික් ප්‍රකාශ කර ඇත .

1999 ශාක ආරක්‍ෂණ පනත යටතේ කාබනික පොහොර ආනයනය තහනම් කර තිබෙන අතර ශ්‍රී ලංකාවට ක්ෂුද්‍ර ජීවින් සහ විවිධ දිලීර වර්ග ඇතුල්වීම වැලැක්වීම සඳහා එම පියවර ගෙන තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59