ඉන්ධන ගාස්තු ඉහළ දැමීමත් සමඟ අන්තර් කාලීන බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදුකරනවා.
අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ගැමුණු විජේරත්න මේ බව ප්‍රකාශ කළා.
එළඹෙන ජූලි මාසයේ සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට පෙර මෙය ක්‍රියාත්මක කළ යුතු බවයි සභාපතිවරයා පැවසුවේ.
ඒ, අනුව ලබන මස දෙවෙනිදා සිට බලපැවැත්වෙන පරිදි 5% ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කර බවයි ඔවුන් පවසන්නේ.
මේ යටතේ අවම බස් ගාස්තුව රුපියල් 32ක් හෝ 33ත් දක්වා වැඩි කළ යුතු බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
පසුගිය මාසයේ සිදු වූ ඉන්ධන මිල වැඩීමත් සමඟ රුපියල් 25ක පාඩුවක් සමඟ තමන් මෙම කර්මානත්යේ නිරතවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර එළඹෙන ජූලි මාසයේ සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට පෙර බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළා.













