බස් සංගම් 5%ක අන්තර් කාලීන බස් ගාස්තු සංශෝධනයක් ඉල්ලයි – අවම ගාස්තුව 32ක් හෝ 33ක්

ඉන්ධන ගාස්තු ඉහළ දැමීමත් සමඟ අන්තර් කාලීන බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදුකරනවා.

අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ගැමුණු විජේරත්න මේ බව ප්‍රකාශ කළා.

එළඹෙන ජූලි මාසයේ සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට පෙර මෙය ක්‍රියාත්මක කළ යුතු බවයි සභාපතිවරයා පැවසුවේ.

ඒ, අනුව ලබන මස දෙවෙනිදා සිට බලපැවැත්වෙන පරිදි 5% ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කර බවයි ඔවුන් පවසන්නේ.

මේ යටතේ අවම බස් ගාස්තුව රුපියල් 32ක් හෝ 33ත් දක්වා වැඩි කළ යුතු බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය මාසයේ සිදු වූ ඉන්ධන මිල වැඩීමත් සමඟ රුපියල් 25ක පාඩුවක් සමඟ තමන් මෙම කර්මානත්යේ නිරතවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර එළඹෙන ජූලි මාසයේ සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට පෙර බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48