එදා හැන්දෑවේ මාව තුන් පාරක් සබන් දාලා නෑව්වා. එදා නෝනා මාව බදාගෙන ඇඬුවා

හිස් අතින් ඉපදිච්ච අපි කවදා හරි මැරෙන්නෙත් හිස් අතින්මයි.

ජිවත්වෙලා ඉන්නකන් පොදි බැන්දත් යනකොට අරගෙන යන දෙයක් නැහැ.

මට මේ දේවල් තේරුම් ගන්න අවුරුදු ගානක් ගියා. ජීවිතේ තරුණ වයසෙදි මං හුඟාක් මෝඩ වැඩ කළා.

කිසිම කෙනෙකුට ඇහුම්කන් දුන්නේ නැහැ. හැමෝම බැලුවේ මාව අල්ලගෙන ඒ ගොල්ලන්ගේ දේවල් කරගන්න. නමුත් මිනිස්සුන්ගේ කපටිකම්, නපුරුකම් , කුහකකම් තේරුම් ගන්නකොට මං හුඟාක් ප්‍රමාදයි.

අවුරුදු ගානක් හිරගෙදර ඉඳලා එයින් නිදහස්ව ගිය තරුණයෙකුගේ හෙළිදරව්වකි මේ.

“මං රස්සාවක් නැතිව පාරක් පාරක් ගානේ හිඟාකෑවා.

මගෙ ළමා කාලේ කියන්නේ කිසිම සැපක් නොවිඳපු කාලයක්, අම්මයි තාත්තයි විවාහ වෙලා තියෙන්නේ යාළුවෙලා. නමුත් අම්මා තාත්තව දාලා යනකොට මට අවුරුදු හතරයිලු.

ඇයි අම්මා ගෙදරින් ගිහින් තියෙන්නේ. ?

“ඒකට මම දන්න එකම හේතුව තමයි තාත්තගේ බේබදුකම, නමුත් අපේ ආච්චි කියන්නේ අම්ම කා එක්කදෝ යාළුවෙලා හිටියා කියලා.

අම්මා ගියේ අක්කවත් අරගෙන. මාව හදාගත්තේ නැන්දා. තාත්තාගේ බේබදුකම දවසින් දවස වැඩිවුණා.

නැන්දා කැමති වුණේ නැහැ තාත්තව ගෙදර තියාගන්න. අන්තිමට රණ්ඩුවෙලා තාත්තා ගෙදරින් එළියට බැස්සා. එතකොට මගෙ වයස අවුරුදු පහයි.

තාත්තා ගෙදරින් එළියට බැස්සේ මාවත් වඩාගෙන. අපි පාරක් පාරක් ගානේ ඇවිද්දා බස් නැවතුම් පොළවල් වල රෑට ගත කළා.

මට ඉස්කෝලේ යන්න වුණේ නැහැ. තාත්තා බීලා බීලම මැරිලා ගියා. මං හැදුණේ පාරේ ඉන්න හිඟන්නොත් එක්ක. දවසක් මහත්තයෙක් මගෙන් විස්තර ඇහුවා. එතකොට මගෙ වයස අවුරුදු දහයයි. ඒ අහපු දේවල්වලට උත්තර දෙන්න විදියක් මට තිබුණේ නැහැ. තාත්තා මැරුණා කියනවා ඇරෙන්න මං අනිත් දේවල් දැනගෙන හිටියේ නැහැ. මහත්තයා මාව එයාගේ ගෙදර එක්කගෙන ගියා. මේ ළමයව ගෙනාවේ කුණු ගොඩකින්ද කියලා මහත්තයාගේ ගෙදර අය මාව දැකලා ඇහුවා. ”

“එදා හැන්දෑවේ මාව තුන් පාරක් සබන් දාලා නෑව්වා. ඊට පස්සේ මට ඕඩිකලොන් දැම්මා. ඉනුත් පස්සේ මට හොඳටම බඩ පිරෙන්න කන්න දුන්නා. ජීවිතේ පළවෙනි වතාවට වෙන්න ඇති මං එදා සැනසිල්ලේ කෑවේ.

ලස්සන කාමරයක පුංචි ඇඳක මං නිදා ගත්තා. පහුවදා තමයි මං ආයෙත් ඇහැරුණේ. මට ජීවිතේ පුදුම සැනසීමක් දැනුණා. අලුත් දවසක උදේක මම අලුත් විදිහට අවදි වුණා.”

මුහුණ හෝදන්න, දත් මදින්න, මේ ඇඳුම් අඳින්න මහත්තයා මට අණ කෙරුවා.

එදා උදේ කෑම ගත්තට පස්සේ තමයි ඒගොල්ලෝ මගෙන් ප්‍රශ්න අහන්න ගත්තේ. ”

“නෝනා මට මෙහෙම කිව්වා. අපිටත් දරුවෝ ඉන්නවා. ඒ ගොල්ලෝ මේ රටේ නැහැ. ඒ අය ඔයාට වඩා ගොඩාක් ලොකුයි.

නමුත් ඔය දරුවත් අපේ දරුවෙක් කියලා තමයි අපි හිතන්නේ. මේ තියෙන දේවල් බලාගෙන මහත්තයටත් උදව් කරගෙන හොඳින් ඉන්න. ”

නෝනා එහෙම කිව්වේ බොහෝම කරුණාවෙන්. ඒ නෝනා ගුරුවරියක්. එයා හැමදාම ඉස්කෝලේ ගියා.

මහත්තයා කඩයක් කළේ. මම කඩේ වැඩවලට උදව් කළා. හැන්දෑවට මම මහත්තයාගේ වාහනේම ගෙදර ආවා. කාලය ගෙවිලා ගියා. නෝනා මට අකුරු ඉගැන්නුවා.”

පුතා හොඳට අකුරු ලියන්න කියවන්න ඉගෙන ගන්න ඕන. මිනිහෙක් ඉගෙන ගත්තට විභාග පාස් කරන්නම ඕන නැහැ.

එහෙම කියලා තමයි නෝනා මට උගන්නනත් පටන් ගත්තා. ඒ දෙන්නා මාව බොහෝම ආදරයෙන් බලාගත්තා. අවුරුදු පහළොවක් වෙනකොට මට හොඳට අකුරු ලියන්න කියවන්න පුළුවන් වුණා. මං නෝනගෙ පොත් ඔක්කෝම වගේ කියෙව්වා. මම පොත් කියවන්න කියවන්න නෝනා මට අලුතෙන් පොත් ගෙනැල්ලා දුන්නා.”

ඒ අයට හිටියේ දුවයි පුතයි. ඒ දෙන්නම පිටරට හිටියේ. මහත්තයාගේ ඥාතියෙක් ගාව.

එක් නිවාඩුවකට නෝනගේ දුවයි පුතයි ලංකාවට ආවා. ඒගොල්ලෝ මාව බොහෝම ආදරෙන් පිළිගත්තා. ”

අපි මේ රටේ පංදිචියට එන්නේ නැහැ. ඒ නිසා පාලිතට තමයි කවදා හරි මේවා. ඔයා අම්මවයි තාත්තවයි හොඳට බලාගන්න. ලංකාවෙන් යන්න කලින් දුවයි පුතයි එහෙම කිව්වා. කිව්වත් වගේම ඒ ගොල්ලෝ ලංකාවට ආවේ නැහැ. මේ බව දැනගෙන හිටියා මහත්තයාගේ මල්ලි කෙනෙක්.”

ඒ කියන්නේ ?

“මහත්තයාගේ මල්ලි දන්නවා මහත්තයාගේ දුවයි පුතයි ලංකාවට එන්නේ නැති බව.

ඒ මිනිහා මහ නපුරෙක්. එයා මේ දේපළ අයිතිකරගන්න බල බලා හිටියේ. එයා නිතර නිතර ගෙදර ආවා ගියා.

ඒ මනුස්සයා කැමති වුණේ නැහැ මම එහෙ ඉන්නවාට.තරුණ වයසට ආවට පස්සේ මට රස්සාවකට යන්න ඕන වුණේ නැහැ. මම බොහෝම සැහැල්ලුවෙන් විනෝදයෙන් ඒ ගෙදරට වෙලා හිටියා.”

ඒත් ඒ හැමදේම නැති වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. අර නෝනා එයාට අසනීපයි කියලා ගෙදරට ගෑනු කෙනෙක් ගෙන්න ගත්තා.

සමහර දවස්වලට ගෙදර වැඩට ඒ ගෑනු කෙනා ආවේ එයාගේ දුවත් එක්ක. ඒ කෙල්ලට අවුරුදු පහළොවක් විතර ඇති. මං හිතුවේ නැහැ මහත්තයාගේ මල්ලි මට ඒ වගේ වැඩක් කරාවි කියලා. මහත්තයාගේ මල්ලි අර ගෑනු කෙනාව යාළු කරගෙන එයාගේ දුවව මම අමාරුවේ දැම්මා කියලා පොලිසියේ පැමිණිල්ලක් දැම්මෙව්වා.

මාව පොලිසියෙන් ගෙනිච්චා. නමුත් නෝනයි මහත්තයයි මාව අවිශ්වාස කළේ නැහැ. ඒත් අර මනුස්සයා පොලිසියට සල්ලි දීලා කොහොම හරි මාව වැරදි කාරයා කරලා හිරේ එව්වා.

මහත්තයි නෝනයි මාව අතහැරියේ නැහැ. ඒ ගොල්ලෝ මාව බලන්න ආවා. මේ අවුරුදු ගානම ඒ ගොල්ලෝ මං ගැන හොයලා බැලුවා.”

එතකොට ඔයාට වරද පවරපු කෙනාට මොකද වෙලා තියෙන්නේ?

“එයාට වෙන්න ඕන දේ වෙලා. එයාට දියවැඩියාව හැදිලා. දැන් කකුල කපලා. එයාගේ නෝනා වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා. ඒ මිනිහා දැන් හිඟා නොකා හිඟ කනවා. ”

එතකොට අර ගෑනු ළමයා?

“ඒ ළමයව අමාරුවේ දාලා තියෙන්නේ මහත්තයාගෙ මල්ලියි. දැන් ඒ ගොල්ලෝ කොහේ ඉන්නවද දන්නේ නෑ. නෝනයි මහත්තයයි කිව්වේ පරණ දේවල් මතක් කරන්න එපා කියලා.”

දැන් ඔයා මොකද කරන්නේ?

“මම නිදහස් වෙලා ගෙදර ගියේ අවුරුදු හයකට පස්සේ. එදා නෝනා මාව බදාගෙන ඇඬුවා. මං විශ්වාස කරනවා ඒ නෝනා මගේ සංසාරයේ කොහේදි හෝ හමුවුණ අම්මා කෙනෙක් කියලා. මහත්තයත් මට තාත්තා කෙනෙක්. ඒගොල්ලෝ මට මනමාලියෙක් හොයලා තිබුණේ එයා එයාලගෙම නෑයෙක්.”

ඔයා දැන් මොකද හිතෙන්නේ?

“මං දන්නවා. මට ආයෙත් ‘වරදින එකක් නැහැ. මං බැන්දට පස්සේ හැමෝටම ආදරෙන් ඉන්නවා. මං මගේ පුංචි කාලේ අපා දුක් වින්දා. හිරේ ඇවිල්ලත් දුක් වින්දා. ආයෙත් මට දුක් විඳින්න වෙන එක්ක නැහැ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
135
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01